දැඩි විරෝධයක්



මුස්ලිම් නොවන පුද්ගලයන්ට පුරවැසිභාවය ලබාදීමට කුවේට් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීති සංශේධනයට පාර්ලිමේන්තු මන්ත්‍රී, මොහොමඩ් හයිෆ් දැඩි විරෝධයක් පළ කර ඇති බව වාර්තා වේ. 

සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීන් පිරිසක් ප්‍රකාශ කර ඇත.

ඉස්ලාමීය මතධාරීන් සහ මධ්‍යස්ථ මතධාරීන් අතර ප්‍රශ්නයක් ඇති වීමට හේතුවක් විය හැකි බවට දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

සංශෝධනය තමන් පිළිගන්නා බවත් ඡන්දය ප්‍රකාශ කිරීමට මඟ බලාගෙන සිටින බව ලිබරල් මන්ත්‍රී, රකාන් අල්-නසීෆ් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS