දහවල් වැඩ ගත් අයට නඩු



කුවේට් රාජ්‍යයේ සේවකයන් දහවල් කාලයේ සේවයේ යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි දෙසිය අනූතුනක් (293) ලැබී ඇති බව වාර්තා වේ.

අධික හිරු රශ්මියෙන් සේවකයන්ට සිදුවන අනතුරු වැළැක්වීමේ අරමුණින් කුවේට් රජය නීතිරීති පනවා ඇත.

2019 ජුනි මාසයේ මැද භාගයේ සිට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව සියයට හැට එකකින් (61%) ඉහළ ගොස් ඇත.

පෙ.ව 11.00 සිට ප.ව 04.00 දක්වා එළිමහන් ස්ථානවල සේවකයන් සේවයේ යෙදවීම මාස තුනක කාලයකට තහනම් කර ඇත.

නීතිමය පියවර ගැනීම සඳහා සියළුම පැමිණිලි රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියටයොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS