දහනවයකට සිරදඩුවම්



ඉරාකයේ සහ සිරියාවේ අයි.එස් ත්‍රස්තවාදීන් සමඟ සටන් වැදීමට එකතු වු කුවේට් ජාතිකයින් 19දෙනෙකුට කුවේට් අපරාධ අධිකරණය වසර දහයක සිරදඩුවම් නියම කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

කුවේට් ජාතිකයින් 19දෙනා මාස 6කට පෙර කුවේටයෙන් ඉරාකයට සහ සිරියාවට ගොස් ඇති අතර ඔවුන් නොමැතිව කුවේට් අපරාධ අධිකරණයනඩුව විභාග කර ඇත.

විවිධ මාර්ගයන් ඔස්සේ කුවේට් තරුණයින් රවටා අයි.එස් ත්‍රස්ත සංවිධානයට බඳවා ගන්නා බවත් ඔවුන්  ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නිරතව සිටින බවත් ඉන් සමහරක් සටන් බිමේදි මියගොස් ඇති බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS