දරුවන්ට ආසන පටි අනිවාර්යයි



මගී ප්‍රවාහනය සඳහා ගැනෙන සියලු මෝටර් රථවල  දරුවන්ට වෙන්වූ ආසනයක් ද ආසන පටියක්ද තිබිය යුතු බවට ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය නව නීතියක් පනවා ඇත.

එම නීතිය උල්ලංගණය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට එම අධීකාරිය නිවේදනය කොට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම දරුවන් සඳහා විශේෂ ආසනයක් වෙන් කිර%ිම කඩිනමින් කළ යුතු බවට එම අධිකාරිය සියලු කුලි රථ හිමියන්ට හා රියැදුරන්ට දැනුම් දී ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි.

ගමනාරම්භයේ දී කුඩා දරුවන් සිටී නම් ඔවුන් ගේ ආසනය හා බඳපටිය භාවිතා කරන ලෙස මඟීන්ට දැනුම් දීමට රියැදුරන්ට හැකියාව ඇති අතර ඒ සම්බන්ධව විමසීමට මඟීන්ට ද අයිතියක් ඇතැයි මාර්ග සහ  ප්‍රවාහන අධිකාරිය පෙන්වා දී තිබේ. 

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS