දරුණු ප්‍රහාර එල්ල කරනවා: ගරිල්ලන්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට දරුණු ප්‍රහාර එල්ල කිරීමට ස්ථාන විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවට හවුති ගරිල්ලන් පවසනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුල ඉලක්ක විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවත්, එම ඉලක්කවලින් සමහරක් අබුඩාබියේ පිහිටා ඇතිබවත්, ඕනෑම වේලාවක එම ඉලක්කවලට ප්‍රහාර එල්ල කළ හැකි බව හවුති ගරිල්ලා මාධ්‍ය ප්‍රකාශක, යාහියා සාරියා රූපවාහිනි නාලිකාවක සංවාදයකට එක්වෙමින් පවසා ඇත.

සෞදි අරාබියට ප්‍රහාර එල්ල කිරීමට Qassef 3 සහ Samad3 වර්ගවල ඩ්‍රෝන යානා දෙකක් සහ ජෙට් බලයෙන් ක්‍රියාකරන ඩ්‍රෝන යානයක් යොදා ගත් බවත්, ජෙට් බලයෙන් ක්‍රියාකරන ඩ්‍රෝන යානය පිළිඳව පසුව හෙළි කිරීමට කටයුතු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි)

RECOMMEND POSTS