දකුණු යේමනයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හමුදාවේ 30ක් මරුට



දකුණුදිග යේමනයේ ඒඩ්න් වරාය නගරයේදි ඉරිදා දින (දෙසැ:18) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබලුන් 30කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව ආරක්ෂක අංශ නිලධාරීහු ප්‍රකාශ කළහ.

කෝර් මක්සර් දිස්ත්රිකයේ හමුදා කදවුරක් ආසන්නයේ හමුදා සෙබලුන් මාසික වැටුප ලබාගැනීම සදහා පෝලිමේ සිටන අවස්ථාවේදි මරාගෙන මැරෙන බෝම්බකරු විසින් මෙම ප්රහාරය හමුදා නිළධාරීන් වෙත එල්ලකර ඇත්තේය.

මෙම ප්රහාරයෙන් හමුදා සෙබලුන් හතලිහකට (40) ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව ආරක්ෂක අංශ නිලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.

මෙම පවතින තත්වය හමුවේ යේමනයේ පවතින අන්තර් ජාතික වශයෙන් පිලිගත් ආණ්ඩුවට ඇඩේන් අගනගරය තුළ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන් වළක්වා ගැනීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත.

ආරක්ෂක අංශවල සාමාජිකයින්ට නිරන්තරයෙන් එල්ල වන ප්‍රහාර මේ අතර ප්‍රධාන තැනක් ගනියි.

යුද්ධය නිසා අල්කයිඩා හා අයි.එස් ත්‍රස්තයින් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ දිළිදුභාවයට පත්ව තිබෙන රට සුරාකමින් ඝාතන හා බෝම්බ ප්‍රහාර සිදුකර ඇත.

දකුණුදිග යේමනය අන්තර්ජාතික වශයෙන් පිළිගත් ආණ්ඩුව විසින් නාමික වශයෙන් පාලනය කරනු ලබයි.

 

(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක 


RECOMMEND POSTS