දකුණු අප්‍රිකාවට වීසා ඕනේ නෑ



සෞදි විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා ලබාගැනීමකින් තොරව දකුණු අප්‍රිකාවට ගමන් කළ හැකි බව වාර්තා වේ.

2019 අගෝස්තු 15 දින සිට අදාල අවස්ථාව හිමි වන අතර, දින අනූවක කාලයක් විසා ලබාගැනීමකින් තොරව දකුණු අප්‍රිකවේ සංචාරය කිරීමට හෝ ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට අවස්ථාවසෞදි විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට හිමි වන බව දකුණු අප්‍රිකාවේ සෞදි තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

සෞදි විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට පෙර විසා ලබාගැනීමකින් තොරව රටවල් අසූ එකකට (81) ගමන් කල හැකිය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS