ත‍්‍රස්තයන්ට නෙදර්ලන්තයේ සහාය



සිරියානු රජයට එරෙහිව සටන්වදින ත‍්‍රස්තවාදීන්ට නෙදර්ලන්තයේ සහාය හිමිවන බව එරට මාධ්‍ය අනාවරණය කර තිබේ.

නෙදර්ලන්තය ත‍්‍රස්තවාදීන්ට සහාය දෙනවා යැයි පැවැසෙන්නේ උපදේශකවරුව් ලෙස පමණි. අවි ආයුද හෝ මුදල් අනුග‍්‍රහයක් හෝ ලබා දීමක් කරන්නේ නැති බව ද එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී.

නෙදර්ලන්ත මාධ්‍ය අනාවරණය කළ පරිදි ‘ජබාත් අල් ෂාමියා’ත‍්‍රස්ත කල්ලිය ඇතුළු සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වන ත‍්‍රස්ත කල්ලි විසි දෙකකට නෙදර්ලන්ත රජයේ සහාය හිමිවන බව පැවැසෙයි. මෙම අනාවරණයත් සමඟ නෙදර්ලන්ත රජය අර්බුදයකට ලක්වී ඇතැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS