තෝරාගත් බදු ක්‍රමයකට සෞදි කැබිනට් අනුමැතිය



ශරීර සෞඛ්‍යට අහිතකර නිෂ්පාදනයන්ට සහ සුඛෝපභෝගි භාණ්ඩ සදහා බදු පැනවීම සදහා සෞදි කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීමට යන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සෞදි රජුගේ සභාපතීත්වයෙන් යුත් සතිපතා පවත්වනු ලබන සැසිවාරයකදී තෝරාගත් බදු ක්‍රමයට අනුමැතිය ලබාදී ඇති බව සබක් පුවත්පත වාර්තා කලේය. 

දුම්කොළ සහ ශක්ති ජනක පානයන් ආශ්‍රීත නිෂ්පාදයන්ට 100% සහ පැණි බීම ආශ්‍රීත නිෂ්පාදයන්ට 50% බදු මුදලක් අය කිරීමට නව බදු ක්‍රමය යටතේ යෝජනා වී ඇත.

නව බදු ක්‍රමය අනුමත වී රජයේ ගැසට් පත්‍රයේ පලකර දින 15කින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මැයි මාසයේ මැද භාගයේදි නව බදු ක්‍රමය ක්‍රියාත්මක වනු ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS