තෙහෙරාන් අගනුවරට දරුණු හිම පතනයක්



ඉන්ධන මිල හිටිහැටියේ ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉරානයේ නගර රැසක විරෝධතා පැවැත්වෙද්දී, තෙහෙරාන් අගනුවරින් දරුණු හිම පතනයක් වාර්තා වේ.

තෙහෙරාන් අගනුවර උතුරු පළාත් සියල්ල හිම තට්ටුවලින් වැසී, දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ වීඇති බව වාර්තා වේ.
මාර්ග අවහිර වී ඇති බැවින් ගමනාගමන කටයුතු ඇණ හිට ඇති බව ද පැවැසෙයි. පාසල් වසා දැමීමට බලධාරීන් උපදෙස් දී ඇත.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS