තෙල් සැපයීම යථා තත්ත්වයට



සෞදි අරාබිය බහ්රේනයට ඛනිජ තෙල් සැපයීම යථා තත්ත්වයට පත් කර ඇතැයි එරට ජාතික ඛනිජ තෙල් සමාගම වන ‘බැප්කෝ’ සඳහන් කරයි.

සෞදි අරාබිය බහ්රේනයට ඛනිජ තෙල් සැපයීම ඉකුත් දා තාවකාලිකව නවතා දමන ලදි.

“සෞදි අරාබියේ ඇරම්කෝ සමාගම හා එක්ව තෙල් පිරිපහදු කිරීමත් අලුත්වැඩියා කිරීමේ කටයුතුත් දැන් ආරම්භ කර තිබෙනවා. තෙල් පිරිපහදු කිරීම් කඩිනමින් වැඩි කරනවා” යැයි ද ‘බැප්කෝ’ සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ආරක්ෂක හේතූ මත සෞදි අරාබිය බහ්රේනයට ඛනිජ තෙල් සැපයීම තාවකාලිකව නවතා දමන ලදි.

බහ්රේනයට ඉන්ධන ගෙනෙන තෙල් නළයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ සෞදි අරාබිය ඛනිජ තෙල් සැපයීම තාවකාලිකව නවතා දැමීමට තීරණය කළේය.

තෙල් නළයේ පිපිරීම සම්බන්ධයෙන් බහ්රේනය ඉරානයට චෝදනා කළේය. ඉරානයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමක් එම ප්‍රහාරය එල්ල කළ බව ද කීය. කෙසේ නමුත් ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS