තෙල් නැවට පහර දුන්නේ හවුති සටන්කාමීන් නොවේ



යේමනයට ඔබ්බෙන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවට පහර දී ඇත්තේ යේමන රජය පෙරළා දැමූ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් නොවන බව මේ වනවිට තහවුරු වී තිබේ.

තෙල් නැවට පහර දුන්නේ හවුති සටන්කාමීන් යැයි පවසා තිබුණේ ඇමෙරිකාවය. කුඩා යාත්‍රා 3 කින් සන්නද්ධ පිරිසක් පැමිණ ඇති අතර, පිරිස නැවට පහර දීම කර ඇත්තේ මෝටර් ප්‍රහාර යොදා ගනිමිනි.

නැව සෞදි රජයට අයත් එකකි. ප්‍රහාරයෙන් නැවේ සිටි කිසිවකුටවත් අනතුරක් සිදුවී නැතැයි සෞදි රජය පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS