තෙල් ගහද්දි ගිනි අරන්



සෞදි අරාබියේ රියාද් නුවර ඉන්ධන පිරවුම්හලක ඉන්ධන පිරවීම සිදුකරන අතරතුර මෝටර් රථයක් ගිනිගෙන ඇති බව වාර්තා වේ.

ඉන්ධන පිරවුම්හලේ සේවකයන් වහාම ක්‍රියාත්මක වී ගින්න නිවීමට කටයුතු කර ඇත.

මෝටර් රථය ගිනිගන්නා ආකාරය, රියදුරු සහ අබායා ඇඳමක් ඇඳගත් කාන්තාවක් මෝටර් රථයෙන් එළියට පැමිණ පලා යන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇත.

ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබු වීඩියෝව අන්තර්ජාලයටද එක්කර ඇත.

ජානක ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS