තෙදින ශෝක කාලයක්



ඉරානයේ කුර්දිස්ථාන් ප්‍රදේශයෙදි සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇත.

මගීන් රැගත් බස් රථයක් සහ ඉන්ධන රැගත් බවුසරයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ඒ අනුව කුරුදිස්ථාන් ප්‍රදේශයට දින 03 ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

( තිළිණි ද සිල්වා )

අල්ජසීරා ඇසුරෙනි.


RECOMMEND POSTS