තුර්කියේ විශේෂ යාච්ඤාවක්



ඊජිප්තු හිටපු ජනාධිපති මොහොමද් මොර්සිගේ අභාවය හේතුවෙන්, විශේෂ යාච්ඤාවක් තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මොර්සිගේ අභාවය සැලවුණු සැණින් ඒ ගැන සොව පළ කළේ ද තුර්කි ජනාධිපති එර්දොවාන්ය.

එම අවස්ථාවේදී ජනාධිපති එර්දොවාන්, ඊජිප්තු රජයට දෙහි කැපුවේය. ඔහු කියා සිටියේ ඊජිප්තුවේ කුරිරු පාලකයන් මොර්සිගේ අකල් මරණයට වගකිව යුතු බවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS