තුර්කියේ විකිපීඩියා තහනම්



තුර්කි රජය විසින් අන්තර්ජාල විශ්වකෝෂය ලෙස සැලකෙන ‘විකිපීඩියා’ වෙබ් අඩවිය එරට තහනම් කර ඇතැයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

දැනුම ලබා දෙන වෙබ් සේවාවක් ලෙස ලොව සැමයේ පරිහරණයට ලක්වී ඇති විකිපීඩියා වෙබ් සේවාව තුර්කියේ මේ අයුරින් තහනමකට ලක් කළේ ඇයිදැයි මෙතෙක් අනාවරණය වී නැත.

කෙසේ නමුත් ‘ත්‍රස්තවාදය’ ට අනුග්‍රහය දක්වන ඇතැම් පාර්ශ්වයන් වෙබ් අඩවියේ පළ කළ දෙයක් සම්බන්ධයෙන් තුර්කි රජය විකිපීඩියා බලධාරීන්ට සිය විරෝධය පළ කළ බව දැනගන්න ලැබේ.

එසේ පළ කළ තොරතුරු වහා ඉවත් කරන්නැයි ද තුර්කි රජය විකිපීඩියා බලධාරීන්ද දැනුම් දී ඇත. කෙසේ නමුත් ඒ ගැන වැඩි විස්තර මෙතෙක් ප්‍රසිද්ධියට පත් වී නැත.

තුර්කි රජය මීට පෙර ද අවස්ථා කිහිපයකදී ෆේස්බුක්  සහ ට්විටර් වැනි සමාජ ජාල වෙබ් සේවා තාවකාලිකව රටේ අත්හිටුවා දැමීමට කටයුතු කළේය. ඒ, රජයට එරෙහිව විරෝධතා ඒවායේ පළවීමෙනි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS