තුර්කියේ මරණ අඩුවෙලා



තුර්කියේ ‘කොවිඞ් 19’ මරණ සංඛ්‍යාවේ අඩුවක් දකින්න ලැබෙන බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

ගතවුණු දින කිහිපය පුරා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගත් නමුත් ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූයේ මරණ 41 ක් පමණක් බවත් සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.

ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 1,610 ක් හමුවුණු බවත්, ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 1,48,067 ක් තෙක් ඉහළ ගිය බවත් තුර්කි සෞඛ්‍ය ඇමැති ෆහ්රේටින් කෝකා පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS