තුර්කියේ පෙළපාළි ගිය 16 ක් අත්අඩංගුවට
විධායක බලතල හිමි කර ගැනීමට කටයුතු කළ තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන්ට විරෝධය පළ කරමින්, විරෝධතා රැලියකට එක් වුණු තුර්කි වැසියෝ 16 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.
මෙම 16 දෙනා අතර තුර්කි විපක්ෂ ක්‍රියාකාරීන් කිහිප දෙනකු ද සිටින බව පොලිසිය කියයි.
විරෝධතාව සංවිධානය කරනු ලැබ තිබුණේ ‘නිදහස් සහයෝගීතා’ පක්ෂයයි. පක්ෂයේ ඉස්තාන්බුල් නුවර ප්‍රධානී මෙසුට් ගෙක්ජෙල් ද අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර සිටි බව පැවැසෙයි.
(ප්‍රෙස් ටීවී)