තුර්කියේ පිපිරීමක්: 20 කට තුවාල



 


දකුණුදිග තුර්කියේ දියාර්බකීර් නුවර අද (4) සිදුවුණු බෝම්බ පිපිරීමකින් 20 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු බව වාර්තා වේ.
දියාර්බකීර් නුවර කුර්දි වැසියන් බහුතරයක් වෙසෙන නගරයකි. බෝම්බය අටවා ඇත්තේ කුර්දි වැසියන් ඉලක්ක කර ගනිමින් යැයි අනුමාන කෙරේ.
බෝම්බය පුපුරා ගියේ දියාර්බකීර් නුවර පොලිස් ස්ථානය ඉදිරියේය. පිපිරුමෙන් බස් රියක් සහ තවත් වාහන රැසකට හානි සිදුවිය. සිරියානු යුද්ධයට තුර්කි හමුදාවත් කුර්දි සටන්කාමීනුත් වෙන් වෙන්ම සම්බන්ධ වී සිටින අතර දෙපිරිස අතර මත ගැටුම් ද පවතී.
 
(ප්‍රෙස් ටීවී ඇසුරිනි)


RECOMMEND POSTS