තුර්කියේ උද්දමනය ඉහළට



තුර්කියේ උද්ධමනය සියයට 83 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දී ඇති අන්දමට, තුර්කියේ උද්ධමනය මෙලෙස ඉහළ ගොස් ඇත්තෙ වසර 24 කට පසුවය.

ප්‍රවාහනය, ආහාර ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනතාව පිඩාවට පත්ව ඇති බවට මාද්‍ය වාර්තා පැහැදිලි කර ඇත.

කෙසේ වෙතත් තුර්කියේ ස්වාධීන විශේෂඥයින් පිරිසක් එරට උද්ධමනය සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර ඇති අතර, එහි දී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ උද්ධමනය සියයට 186 දක්වා ඉහළ ගොස් ඇති බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS