තුර්කියේ ඇමෙරිකන් තානාපති කාර්යාලය වහලා
තුර්තියේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ආරක්ෂක හේතූන් මත අද (5) දිනයේ වසා දැමෙන බව පැවැසෙයි.
ඇමෙරිකා තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ තුර්කියේ අන්කාරා නුවරය. ආරක්ෂක හේතූන් මත එය අද දින ජනතාවට විවෘත නොවන බව පැවැසෙයි.
2013 වසරේ දී මෙම තානාපති කාර්යාලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය් ද එල්ල විය. ඒ, තුර්කි බෙදම්වාදී ත්රස්තවාදීන්ගෙනි.
සිරියාවේ ඇෆ්රින් පළාතේ කුර්දි බෙදුම්වාදීන්ට එරෙහිව තුර්කිය මේ වන විට යුද වදිමින් සිටී. කුර්දි බෙදුම්වාදී ත්රස්තයන්ට සහාය දක්වන්නේ ඇමෙරිකාව යැයි තුර්කිය චෝදනා කරයි.
මේ හේතුව නිසා නේටෝ රාජ්‍යයක් වන තුර්කිය සහ ඇමෙරිකාව අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.
(රොයිටර්)