තුර්කියේ අන්තර්ජාල තහනමක්



තුර්කිය විසින් අන්තර්ජාලයේ ඇති විශාලතම වෙබ් අඩවි වලට සහ සේවාවන්ට පිවිසීම තහනම් කර ඇත.

ඒ අතර  ෆේස්බුක්, වට්ස් ඇප්, යූ ටියුබ්, ටුවිටර් සහ අනිකුත් සේවාවන් වේ.

අන්තර්ජාලය භාවිතා කරන සමහර අවස්ථාවන් වලදී එය ඉතා සෙමින් ක්‍රියා කරන අතර සමහර අවස්ථාවන් වලදී එය සම්පූර්ණයෙන්ම නතරවෙයි.

මේ නිසා තුර්කි වැසියන්ට අන්තර්ජාලය භාවිතා කිරීමේදි දැඩි අපහසුතාවයකිට පත්වීමට සිදුව ඇත.

නමුත් එය පැහැදිලිවම අන්තර්ජාලය තහනම් කිරීමක්, සයිබර් ප්‍රහාරයක්, එසේ නොමැතිනම් තාක්ෂණික දෝෂයක්ද යන්න පැහැදිලි නැත.

මෙය තවමත් යථාතත්වයට පත්කිරීමට තාක්ෂණික නිළධාරීන්ට නොහැකිවී තිබේ.

සමහර වාර්ථාවන්ට අනුව තුර්කි ටෙලිකොම් සමාගම මෙය කාත්ෂණික ප්‍රශ්ණයක් ලෙස දැක්වීමට උත්සහ දරන වබ වර්ථා කර සිටියේය. 

මෙම අන්තර්ජාල ප්‍රශ්නයට පෙර දිනයේදි දේශපාලනික ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගත් අතර එයට  එකට එක කිරීමක් වශයෙන් මෙය සිදුකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(දි ඉන්ඩිපෙන්ඩන්ට් ඇසුරෙනි)


RECOMMEND POSTS