තුර්කියට රොකට් ප්‍රහාර



සිරියාවේ ඇෆ්රින් පළාතේ ක්‍රියාත්මක කුර්දි ත්‍රස්තවාදීහු, තුර්කියේ දේශසීමා නගර දෙකකට රොකට් ප්‍රහාර එල්ල කළහ.

රොකට් ප්‍රහාරවලින් තුර්කි වැසියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 18 ක් යැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

තුර්කියේ හටායි පළාතේ රීහන්ලී නගරයට පමණක් සතුරු රොකට් ප්‍රහාර 6 ක් එල්ල වුණැයි හටායි ආණ්ඩුකාරවරයා පවසා ඇත. තුවාල ලබා රෝහල් ගත කළ අය අතරින් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS