තුර්කියට භූමි කම්පාවක්



රික්ටර් පරිමාණයේ ප්‍රබලත්වය ඒකක 7 ක් සටහන් කළ භූමි කම්පාවකින් තුර්කිය දෙදරා ගියේය.

භූමි කම්පාව හටගත්තේ ඒගන් මුහුදු පතුලේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය තුර්කියට පමණක් නොව, ග්‍රීසියට ද තදින් දැණින.

තුර්කියේ නිවාස ගොඩනැගිලි බිමට සමතලා විය. වැඩිම හානියක් සිදුවී ඇත්තේ තුර්කියේ ඉස්මීර් වෙරළාශ්‍රිත නගරයටය. සුන්බුන් අතර සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී.

තවමත් මරණ වාර්තා වී නැති නමුත් මරණ සිදුවී ඇති බවට වාර්තා වෙයි. මෑත කාලයේ තුර්කියට බලපෑ බිහිසුණු භූමි කම්පාවක් ලෙස මෙය සැලකෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS