තුර්කිය විරුද්ධයි!



ස්වීඩනයට සහ ෆින්ලන්තයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා දීමට තමන් විරුද්ධ බව තුර්කිය ප්‍රකාශ කළේය.

ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධානය හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා සාමාජික අයදුම් පත්‍රය භාර දීමෙන් පසු ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සාමාජික රටවල් රැස් වූ අවස්ථාවේ තුර්කිය තම ස්ථාවරය දැනුම් දී ඇත.

තුර්කියේ ආරක්ෂාවට බලපාන හේතුන් මත දෙරටේ  සාමාජික අයදුම් පත්‍රය පිළිබඳ සාකච්ඡා කිරීමට තමන්ට එකඟ විය නොහැකි යැයි අන්කාරා නුවර දැනුම් දුන් බව ජර්මනියේ ඩී.පී.ඒ පුවත් සේවය වාර්තා කළේය.මේ කරුණ සම්බන්ධව තුර්කියේ සංවේදීත්වයට සාමාජිකයන් ගරු නොකිරීම සම්බන්ධව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් චෝදනා එල්ල කළේය.ස්වීඩනය සහ ෆින්ලන්තය ඔවුන්ගේ භූමියේ ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන බව ජනාධිපති එර්දොවාන් චෝදනා කළේය.

"අපි ඉල්ලපු ත්‍රස්තවාදීන් 30 දෙනා  අපිට ලබාදීම ප්‍රතික්ෂේප කළා" යැයි තුර්කි පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පැවසීය."ත්‍රස්තවාදීන් භාර දීමට කැමති නැහැ එත් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට කැමතී.ආරක්ෂාව නැති ආරක්ෂක සංවිධානයකට ඔව් කියන්න බැහැ" ඔහු වැඩි දුරටත් පැවසීය.

(අල් ජසීරා)


RECOMMEND POSTS