තුර්කි හමුදාවේ 8 ක් මරුට



සිරියාවේ උතුරු දෙසින් පිහිටි ඇෆ්රින් පළාතේ ගැටුම්වලින් තුර්කි හමුදා සොල්දාදුවෝ අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, තවත් 13 දෙනකු තුවාල ලැබූ බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තාවේ. තුර්කි හමුදාව, දේශසීමා හරහා සිරියාවේ ඇෆ්රින් පළාතට පැමිණ සිටින්නේ, කුර්දි බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සමඟ සටන් වැදීමටය. තුර්කි හමුදාව, ඇෆ්රින් පළාතේ කුර්දි ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් ආරම්භ කළේ පසුගිය ජනවාරි මාසයේ සිටය.

මේ අතර, සිරියානු රජයට සහ රජයේ හමුදාවට සහාය පළ කරන සටන්කාමීන්ගෙන් සැදුම්ලත් බළඇණියක් ඇෆ්රින් පළාතට පැමිණි සටන්වලට සම්බන්ධ වී ඇති බව ද වාර්තා වේ

(රොයිටර්)


RECOMMEND POSTS