තුර්කි හමුදාවෙන් සිරියානු හමුදාවට ප්‍රහාරයක්



උතුරුදිග සිරියාවේ සිරියානු රජයේ හමුදා සහ තුර්කි හමුද අතර අවි ගැටුමක් හටගත්තේය. සිරියානු රජයේ හමුදා සහ තුර්කි හමුදා අතරේ මේ අයුරින් අවි ගැටුමක් හටගත් පළමු අවස්ථාව මෙයයි.

උතුරුදිග සිරියාවේ පළාත් රැසක් කුර්දිවරුන් සතුව පවතී. කුර්දිවරුන් නියෝජනය කරන කුර්දි සටන්කාමීන්, බෙදුම්වාදීන් ලෙස තුර්කිය සලකයි. මේ වනවිට කුර්දි සටන්කාමීන් සහ සිරියානු රජයේ හමුදා අතරේ එකඟතාවක් පවතී. ඒ අනුව, සිරියානු හමුදා, තුර්කි සිරියා දේශසීමාවේ රැඳී සිටී. තුර්කිය සහ සිරියානු රජයේ හමුදා අතර අවි ගැටුම් නිර්මාණය වූයේ ඒ අනුවය.

ඩමැස්කස්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS