තුර්කි හමුදාවට ප්‍රබල ප්‍රහාරයක්



උතුරුදිග සිරියාවේ ඇෆ්රින් පළාතේ කුර්දි ත්‍රස්තවාදීන්ට එරෙහි සටන් වදින තුර්කි හමුදාවට ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රබල ප්‍රහාරයක් එල්ල වුණු බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

එම ප්‍රහාරවලින් තුර්කි සොල්දාදුවෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

එක් අවස්ථාවක ත්‍රස්තයෝ හමුදා යුද ටැංකියකට ද පහර දුන්නාහ. එම ප්‍රහාරයෙන් යුද ටැංකිය විනාශ වුණු බවත් සොල්දාදුවන් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා විය.

කුර්දි ත්‍රස්තවාදීන්ට ‘වන්දි ගෙවන්න වේවි’ යැයි තුර්කි අගමැති බිනාලි යිල්ඩිරම් පවසා ඇති අතර, තුර්කි හමුදා ත්‍රස්තවාදීන්ගේ තිප්පොල ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාරයක් ද එල්ල කළේය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS