තුර්කි හමුදාවට අලුතින් 30,000 ක් බඳවා ගැනේ



 

 

තුර්කිය රජය පෙරළා දැමීමට, පසුගිය ජූලි 15 වැනිදා සිදුවුණු අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් පසු, හමුදාවට අලුතින් සොල්ලාදුවන් 30,000 ක් බඳවා ගැනීමට තුර්කි රජය සූදානම් වෙයි.
එම හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා ප්‍රධානීන්, හමුදාපතිවරයා සහ හමුදා සොල්දාදුවෝ 37,000 ක් මේ වනවිට අත්අඩංගුවේ පසුවෙති. ඒ, රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණයට හවුල් වුණැයි චෝදනා ලැබ වරදකරුවන් වීමෙනි. 
එම හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධවුණු තවත් 1,00,000 ක පිරිසක් හමුදාවෙන් නෙරපා දැමුණි. තුර්කිය යනු නේටෝ සාමාජික රාජ්‍යයකි.
 
(ප්‍රෙස් ටීවී)

RECOMMEND POSTS