තුර්කි හමුදා සිරියාවේ



තුර්කි හමුදා බළඇණියක්, දේශසීමා හරහා සිරියාවේ ඉඞ්ලිබ් පළාතට පැමිණ ඇති බවත්, ඔවුන් අල් කයිඩා හිතවාදී හයාත් තහ්රීර් අල් ෂාම් ත්‍රස්තවාදීන් සමඟ සටන් කරන බවත් පැවැසෙයි.

තුර්කි හමුදා මෙසේ සිරියාවට පැමිණියේ සිරියානු රජයේත් සිරියානු රජයට සහාය දක්වන රුසියාවේත් එකඟතාවකට අනුව බව ද වාර්තා වේ.

ඉඞ්ලිබ් පළාත ත්‍රස්තවාදීන්ගේ තෝතැන්නක් බවට පත් වී ඇති අතර, පළාත මුදා ගැනීමට දරුණු සටන් ආරම්භ වී ඇත.

සිරියානු අර්බුදයේ දී තුර්කියේ සහාය හිමිවන්නේ සිරියානු රජයට නොව, එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. කෙසේ නමුත් අල් කයිඩා සහ අයි.එස්. හිතවාදී ත්‍රස්තවාදී කල්ලි තුර්කියට ද හිසරදයක් වී තිබේ.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS