තුර්කි හමුදා කඳවුරකට ඉඩක් නෑ: සෞදිය කියයි



තම භූමිය තුල තුර්කි හමුදා කඳවුරක් ඉදිකිරීමට ඉඩ ලබා නොදෙන බව සෞදි අරාබිය ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

එවැනි හමුදා කඳවුරක් ඉදිකිරීමේ අවශ්‍යතාවයක් සෞදි අරාබියට නොමැති අතර සෞදි හමුදාවන් සහ යුද ශක්තිය ඉහළ තලයක තිබෙන බව නිල ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞදි හමුදාවන් ගල්ෆ් කලාපීය රටවල් සමඟ එකතු වෙමින් ත්‍රස්තවාදය නැති කිරීම සඳහා එම රටවල යුද මෙහෙයුම් වලට එක් වෙමින් කලාපයේ ආරක්ෂාව මෙන්ම ස්ථාවරත්වය ඇති කිරීමටත් විශාල දායකත්වයක් ලබා දෙන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS