තුර්කි විපක්ෂ නායකයාට පහරදුන් අය අත්අඩංගුවට



තුර්කි විපක්ෂ නායක කෙමාල් කිලිඩොරෝගුට පහර දුන් හය දෙනකු අත්අඩංගුවට ගත් බවත්, එම හය දෙනා අතර තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ පාලන යුක්තිය සහ සාධාරණ පක්ෂයේ සාමාජිකයකු ද සිටින බවත් වාර්තා වේ.

තුර්කි විපක්ෂ නායක 70 හැවිරිදි කිලිඩොරෝගු ප්‍රහාරයට ලක් වූයේ පසුගිය ඉරිදා (21) කුබුක් දිස්ත්‍රික්කයේ පැවැති අවමංගල්‍යයකට ගොස් සිටිද්දීය.

පසුගිය දා තුර්කියේ පැවැති නගරසභා මැතිවරණයෙන් අන්කාරා අගනුවර සහ ඉස්තාන්බුල් නුවර ජනාධිපති එර්දොවාන්ගේ පක්ෂයට අහිමිවිය. අන්කාරා සහ ඉස්තාන්බුල් ජයග්‍රහණය කළේ කිලිඩොරෝගු ප්‍රමුඛ ඔහුගේ රිපබ්ලික් ජනතා පක්ෂයයි.

අන්කාරාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS