තුර්කි විදේශ ඇමති කටාරයේ



කටාරය සහ අසල්වැසි ගල්ෆ් රාජ්‍යයන් අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදය ගැන කටාර් නායකයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා  තුර්කි විදේශ ඇමතිවරයා අද (14)  දෝහා අගනුවරදී  ළඟාවීමට නියමිතව ඇත.

ඒ අනුව විදේශ ඇමති මෙව්ලට් කැව්සෝග්ලු කලාපයේ මෑත හැඩගැසීම් පිළිබඳව කටාර් නායකයන් සමඟ සාකච්ඡා කරනු ඇතැයි තුර්කි විදේශ අමාත්‍යංශය පවසයි.

සෞදි අරාබිය, බහරේනය, ලිබියාව, එක්සත් අරාබි එමීරය, යේමනය සහ ඊජිප්තුව යන රටවල් විසින් කටාර් රාජ්‍යය හුදෙකලා කරනු ලැබීම තුර්කි ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක් වෙයි

ඉහත කී අරාබි රටවල් විසින් ගත් එම තීන්දුව තුර්කි ජනාධිපති රෙයෙප් තයියප් එර්දොවාන් විසින් හඳුන්වනු ලැබුවේ "අමානුෂික සහ ඉස්ලාමීය හර පද්ධතීන්වලට පටහැණි" ක්‍රියාමාර්ගයක් ලෙසය.

කටාර් රාජ්‍යය සමග පැවති සියලු සබඳතා අත්හිටුවීමට ගත් තීන්දුව "මරණ දණ්ඩනය" ලබා දීමකට සමාන ක්‍රියාවක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.ත්‍රස්තවාදී කණ්ඩායම් සහ ඉරානයට සහාය දෙන බවට සෙසු ගල්ෆ් රටවල් කරන චෝදනා කටාරය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එල්ල වී ඇති බලපෑමෙන් ගොඩ ඒම සඳහා කටාර් රාජ්‍යයට සහාය ලබා දෙන බවට ජනාධිපති එර්දොවාන් අවධාරණය කරයි.අර්බුදය විසඳා ගැනීම සඳහා කටයුතු කිරීම සෞදි අරාබියේ වගකීමක් බවත් ජනාධිපති එර්දොවාන් පෙන්වා දෙයි.


RECOMMEND POSTS