තුර්කි වැඩිහිටියන්ට නිවසින් පිට යන්න අවසර



සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින්, මුහුණු ආවරණ පැලඳ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින්, අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා නිවසින් බැහැරව යෑමට තුර්කි රජය එරට වයස අවුරුදු 65 ට ඉක්මවූ වැඩිහිටියන්ට අවසර දී ඇත.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් වැඩිපුර බලපෑම් එල්ල වී ඇත්තේ වැඩිහිටියන්ටය. එහෙයින් ලොක්ඩවුන් තහංචි පැනැවීමත් සමඟ නිවෙස්වලින් පිට යෑම අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්ට තුර්කි සෞඛ්‍ය බලධාරීන් තහංචි පනවා තිබුණි.

තුර්කියෙන් වයිරස ආසාදිතයන් 1,37,115 ක් හමුවී ඇති අතර, මරණ 3,739 ක් වාර්තා වෙයි. කෙසේ නමුත් ලොක්ඩවුන් තහංචි හේතුවෙන් වයිරස ව්‍යාප්තියේ යම් පාලනයක් දකින්න ලැබෙන බව තුර්කි සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS