තුර්කි රාජ්‍ය නිලධාරින් රැසක් නෝටෝවෙන් සරණාගතභාවය ඉල්ලලා



පසුගිය ජූලි මාසයේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් පසු තුර්කියේ රාජ්‍ය නිලධාරීන් රැසක් නේටෝ සංවිධානයේ සරණාගතභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කොට ඇති බව නේටෝ මහලේකම්වරයා පවසයි.

නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්බර්ග් කියා සිටියේ එම තුර්කි නිලධාරීන් තමන් සේවය කරමින් සිටි රටේ දී ඉල්ලුම්පත් ඉදිරිපත්කර තිබුණද නිසැක වශයෙන් තමන් සරණාගතභාවය බලාපොරොත්තු වන රටක් නම් කොට නැති බවය.

තුර්කි නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති එම ඉල්ලුම්පත් ඒ ඒ රටවලින් වෙන් වෙන්ව සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.

ජූලි මාසයේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් පසු තුර්කි ජනාධිපති එර්දොවන්ගේ උපදෙස් යටතේ මේ දක්වා දස දහස් ගණනක් රාජ්‍ය නිලධාරීන් සහ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ තනතුරු වලින් පහකිරීම් සිදු වෙමින් පවතී.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි...


RECOMMEND POSTS