තුර්කි රජය සිරියාවේ මෙහෙයුම් අරඹයි



උතුරුදිග සිරියාවේ කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, තුර්කි හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

තුර්කිය සිරියාවේ අසල්වැසියෙකි. සිරියානු අර්බුදයට පාර්ශ්ව රැසක් සම්බන්ධ විය. ඒ සැමගේ පොදු සතුරා වූයේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයයි.

ඇමෙරිකාව සිරියානු අර්බුදයට සම්බන්ධ වී සහාය දැක්වූයේ කුර්දි සටන්කාමීන්ටය.

කුර්දි සටන්කාමීන් තුර්කියේ සතුරන් වන අතර අයි.එස්. ත්‍රස්තවාදීන් සිරියාවේ අඩපණ වීමෙන් පසු තුර්කියේ මීළඟ ඉලක්කය වී ඇත්තේ ඇමෙරිකාවේ සහාය ලබන කුර්දි සටන්කාමීන්ය.

ඇමෙරිකන් සොල්දාදුවන් 1,000 ක පිරිසක් ද කුර්දි සටන්කාමීන්ට සහාය දක්වමින් උතුරුදිග සිරියාවේ කුර්දිවරුන්ගේ පාලනයට නතු පළාත්වල රැඳී සිටින බව පැවැසෙයි.

අන්කාරාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS