තුර්කි රජය රාජ්‍ය නොවන සංවිධාන 370ක් තහනම් කරයි



 තුර්කි රජය මානව හිමිකම් සංවිධාන, ළමා අයිතිවාසිකම් සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 370ක් තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කිරීමත් සමඟ ඉස්තාන්බුල් නුවර උද්ඝෝෂණ ආරම්භ වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
“එම සංවිධාන තහනම් කර නැහැ. ඒවා තාවකාලිකව තහනම් කර තිබෙනවා. එම සංවිධාන ත්‍රස්ත සංවිධාන හා සම්බන්ධ බවට ප්‍රබල සාක්ෂි හමු වී තිබෙනවා” යැයි තුර්කි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය නුමාන් කුර්තුල්මුස් පැවැසීය. 
රාජ්‍ය නොවන සංවිධාන 153ක් ඇමෙරිකාවේ ජීවත් වන පූජක ෆෙතුල්ලා ගුලානි සමඟ සබඳතා පවත්වා ඇතැයි තුර්ක අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. පසුගිය ජූලි මාසයේදී තුර්කියේ ඇති වූ හමුදා කුමන්ත්‍රණයට වගකිව යුත්තේ ගුලානි යැයි ද තායිප් එර්දොගන් ප්‍රමුඛ එරට ආණ්ඩුව චෝදනා කරයි. තවත් රාජ්‍ය නොවන සංවිධාන 190ක් තහනම් කරන ලද කුර්දි කම්කරු පක්ෂය සමඟත් සංවිධාන 8ක් දායිෂ් සටන්කාමීන් සමඟත් තවත් සංවිධාන 19ක් තහනම් කරන ලද විප්ලවවාදී මහජන විමුක්ති හමුදා පෙරමුණ සමඟත් සබඳතා පවත්වන බව ට අනාවරණය වී ඇතැයි තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි. 
ත-ුර්කි රජය, යුරෝපාං සංගමය හා ඇමෙරිකා එක්සත් ජනපදය ද කුර්දි කම්කරු පක්ෂය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇත. ද කුර්දි කම්කරු පක්ෂය තුර්කි ජනාධිපති තායිප් එර්දොගාන්ගේ ආණ්ඩුවට එරෙහිව සටන වදින අතර පසුගිය වසරේදී සටන් විරාමයකට එකඟත්වය පළ කළේය. කෙසේ වෙතත් පසුගිය වසරේ ජූලි මාසයේදී එම මසටන් විරාමය බිඳ වැටිණි. ඉන් අනතුරුව තුර්කි රජයේ හමුදා හා කුර්දි සටන්කාමීන් අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිවිය. 
 
ප්‍රෙස් ටී.වී

RECOMMEND POSTS