තුර්කි මාධ්‍යවේදීන්ට නිදහස



අත්අඩංගුවට ගනු ලැබ සිටි තුර්කියේ ‘කුම්හුරියෙත්’ විපක්ෂ දේශපාලන පුවත්පතට අයත් මාධ්‍යවේදීන් හත් දෙනකු නිදහස් කිරීමට තුර්කි රජය තීරණය කළේය.

පසුගිය වසරේ, තුර්කියේ සිදුවුණු අසාර්ථක හමුදා කුමන්ත්‍රණයේදී, ජනතාව උසි ගැන්වීමට කටයුතු කළේ යැයි විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජනය කරන ‘කුම්හුරියෙත්’ පුවත්පතට, එහි කර්තෘ ඇතුළු මාධ්‍යවේදීන්ට චෝදනා එල්ල වී තිබේ.

ඊට අමතරව, ත්‍රස්තවාදීන්ට වාසි වන අයුරින් පුවත් පළ කරනවා යැයි ද ‘කුම්හුරියෙත්’ පුවත්පතට චෝදනා එල්ල වී ඇත.
අධිකරණයේ විශේෂ තීන්දුවකට අනුව, පුවත්පතේ මාධ්‍යවේදීන් හත් දෙනා නිදහස් කළ බව තුර්කි රජය වැඩි දුරටත් කියයි. මෙම හත් දෙනාට නිදහස ලැබුණේ මාස නවයක සිර දඬුවමකින් ද පසුවය. තවත් මාධ්‍යවේදින් සිවු දෙනකු සිරගතව සිටින බව ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS