තුර්කි මහ මැතිවරණයට අලුත් පක්ෂයක්



අභිනවයෙන් පිහිටුවාගත් ‘ගූඞ්’ නමැති පක්ෂය ද ලබන ජූනි 24 වැනිදා පැවැත්වීමට නියමිත තුර්කි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුකම් සපුරා ඇතැයි එරට උත්තරීතර මැතිවරණ මණ්ඩලය නිවේදනය කරයි.

‘ගුඞ්’ (ඊයෙයි) පක්ෂය පිහිටුවූවා ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේය. ඒ හිටපු තුර්කි අමාත්‍යවරියක වන මෙරල් අක්සෙනර්ගේ ප්‍රධානත්වයෙනි. පක්ෂයේ නායිකාව වන්නේ ද ඇයයි.

අක්සෙනර් සහ ඇගේ පක්ෂය ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී සියයට 15 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනු ඇතැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS