තුර්කි මගී යානයක් ලිස්සා යයි



තුර්කියේ ඉස්තාන්බුල් නුවර සබියා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට ගිය මගී යානයක් ධාවන පතයේ ලිස්සා යෑම හේතුවෙන් අනතුරට පත් විය.

අනතුර සිදුවෙද්දී යානයේ සිටි මගීන් ගණන 171 කි. කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ගණන 6 කි. අනතුරින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 179 කි.

අනතුරට පත් වූයේ තුර්කියෙට් පෙගසස් ගුවන් සේවයට අයත් බෝයිං යානයකි. පෙගසස් යනු තුර්කිය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක මිල අඩු ගුවන් සේවයක් යැයි ද පැවැසෙයි.

යානය ලිස්සා ගියේ එම අවස්ථාවේ පැවැති අයහපත් කාලගුණය හේතුවෙනි. එම අවස්ථාවේ ඉස්තාන්බුල් නුවරට මහ වැසි ඇද හැලෙන්න වූ අතර තද සුළං ත්ත්තවයක් ද පැවැතිණි.

ධාවන පතයේ ලිස්සා අනතුරට පත් වුණු යානය කැබලි තුනකට කැඩී වෙන් වී ගියේ යැයි ද පැවැසෙයි. යානයේ සිටි මගීන් 171 දෙනා අතර කුඩා දරුවෝ 12 දෙනෙක් ද වෙති. තුවාල ලැබූවන් ඉස්තාන්බුල් නුවර රෝහල් කිහිපයකට කඩිනමින් රැගෙන යෑමට ගුවන්තොටුපොළ බලධාරීහු කටයුතු කළහ.

(අල් ජසීරා)


RECOMMEND POSTS