තුර්කි පාකිස්තානුවන්ට චෝදනා



තුර්කියේ සිටින පාකිස්තාන ජනතාවට ඇතැම් පිරිස්වලින් චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුර්කියේ ජීවත් වන පාකිස්තාන ජාතිකයන් අව ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බවත් ඉකුත් දිනෙක ද එවැනි අශෝභන ක්‍රියාවක නිරත වූ පාකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට පත්ව ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.

ඉස්තාන්බුල් හි මාර්ගවල ගමන් ගන්නා කාන්තාවන්ගේ ඡායාරූප ගත් බවට එම පාකිස්තාන ජාතිකයාට චෝදනා එල්ල වී තිබේ.

ජුනයිඩ් නැමැති මෙම පුද්ගලයා කිසිදු අවසරයකින් තොරව ඉස්තාන්බුල් නුවර කාන්තාවන්ගේ ඡායාරූපය ලබාගනිමින් රහසිගතව ඒවා සමාජ මාධ්‍යවලට බෙදා හැර ඇතැයි පුවත් වාර්තාවල දැක්විණි.

මේ ආකාරයේ කටයුතුවල නිරත වූ තවත් පාකිස්තාන ජාතිකයන් දෙදෙනකු තුර්කියේ ඉස්තාන්බුල් නුවර පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇතැයි ද වාර්තා වේ.

තුර්කියේ සිටින ඇෆ්ගනිස්තාන සහ සිරියානු සරණාගතයන්ට ද මේ ආකාරයේ චෝදනා එල්ල වී ඇති බවත් මේ සම්බන්ධයෙන් තුරකි බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇති බවත් මාධ්‍ය වාර්තාවල දැක්විණි.

(විදෙස් මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS