තුර්කි නගර 31 කට ඇඳිරි නීතිය



තුර්කියේ නගර 31 කට පැය 48 ක් ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.

තුර්කි රජය මෙම පියවර ගෙන ඇත්තේ තුර්කියේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණ ඇතිව යැයි ද පැවැසෙයි.

පැය 48 ක් ඇඳිරි නීතිය පැනැනූ එම නගර අතරට අන්කාරා අගනුවර සහ ඉස්තාන්බුල් ද අයත් යැයි පැවැසෙයි.
තුර්කි රජය මෙසේ ඇඳිරි නීතිය පැනැවීමට තීරණය කළේ එරට මරණ සංඛ්‍යාව 1,000 පසු කිරීමත් සමඟය.

(රොයිටර්)


RECOMMEND POSTS