තුර්කි ජනාධිපති රුසියාවේ සංචාරයක



තුර්කි ජනපති රිජෙප් තායිප් එර්දොවාන් ඊයේ (23) කැබිනට් මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද පිරිවරා ගනිමින්, රුසියාවේ මොස්කව් අගනුවර සංචාරයකට පැමිණියේය.

තුර්කි ජනාධිපති සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ පවතින්නේ ශක්තිමත් මිත්‍රත්වයකි. තුර්කි ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගැනීමට ජනාධිපති පුටින් කටයුතු කළේය.

ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු,  ජනාධිපතිවරුන් දෙදෙනා සිරියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූහ.

සිරියානු අර්බුදයේ දී තුර්කියේත් රුසියාවේත් පොදු සතුරා වී ඇත්තේ අයි.එස්. ත්‍රස්තවාදීන්ය. සිරියානු රජයේ හමුදාවට රුසියාවේ සහාය ලැබෙන අතර, තුර්කියේ සහාය ලැබෙන්නේ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. 

මේ වනවිට සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ ගැටුම් පවතින අතර එම පළාත ස්ථාවර කිරීමෙහිලා නව සැලැස්මක් සකස් කිරීමට තුර්කි ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතරේ සාකච්ඡා පැවැත්වුණු බව වාර්තා වේ.

මොස්කව්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS