තුර්කි ජනාධිපති ප්‍රංශ ජනපතිට දෙහි කපයි



කුර්දි දේශපාලන පක්ෂවලට සහ සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දක්වමින්, කුර්දිවරුන් සහ තුර්කි රජය අතර පවතින අර්බුදයට විසඳුමක් සෙවීමට මැදිහත්කරුවකු වීමට තමන් කැමැති යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් කළ ප්‍රකාශය තුර්කි ජනාධිපති රිජෙප් තායිප් ඇර්ඩොවාන්ගේ දෝෂ දර්ශණයට හේතුවක් වී ඇත.

කුමන පාර්ශ්වයක් හෝ කුමන රටක් හෝ ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය ලබා දෙන්නේ නම් එය කිසිසේත් අනුමත කළ නොහැකි බව තුර්කි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් එවැනි ප්‍රකාශයක් කිරීම ගැන තමන් දැඩි ලෙස කනගාටු වන බව ද තුර්කි ජනපති වැඩිදුරටත් කියා සිටී.

තුර්කිය සහ ප්‍රංශය අතර යහපත් සබඳතා පවතී. තුර්කි ජනාධිපතිවරයා සහ ප්‍රංශ ජනාධිපති මැක්රොන් අවස්ථා ගණනාවකදී හමුවී අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS