තුර්කි ජනපතිට විරෝධයක්



නිල සංචාරයක් සඳහා රෝමයට පැමිණ සිටින තුර්කි ජනාධිපති රිජෙප් තායිප් ඇර්ඩොවාන් සහ බිරිඳ එමයින්වතිකානයේ දී ශුද්ධෝත්තම පාප්තුමන් හමුවී සාකච්ඡා පැවැත්වීම ඉතාලියේ කුර්දි වැසියන්ගේත් කුර්දි හිතවාදීන්ගේත් විරෝධයට හේතුවක් වී ඇත.

තුර්කි ජනාධිපතිවරයාට විරෝධය දක්වමින්, කුර්දි හිතවාදීන් රෝමයේ විරෝධතා රැලි සංවිධානය කර තිබුණි. කලහකාරීව හැසිරුණු එම පිරිස් පොලිසිය සමඟ ගැටුම් ඇතිකර ගත් බවත් සියයකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වුණු බවත් වාර්තා වේ.

කලහකාරී විරෝධතාකරුවන් මර්දනය කිරීමට ආරක්ෂ අංශ සාමාජිකයන් 3,500 ක පිරිසක් යොදවා තිබුණැයි ද වාර්තා වේ. විරෝධතා පැවැත් වූයේ රෝමයේ සැන්අන්ලෝ මාලිය ඉදිරිපිටදීය.

තුර්කි ජනාධිපතිවරයකු මේ අයුරින් වතිකානයට පැමිණ පාප්තුමන් හමුවූයේ වසර 59 කින් යැයි ද පැවැසිණි. එහෙයින්, සංචාරය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා තිබුණු බව ද වාර්තා වේ.

පාප්තුමන් සහ තුර්කි ජනාධිපති අතරේ තුර්කි රජයට තර්ජනයක් වී සිටින කුර්දි බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS