තුර්කි ජනපතිට කොන්දේසියක්



තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් ද ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැත්වෙන ‘ජී 20’ ලෝක ආර්ථික බලවතුන්ගේ සමුළුවට සහභාගී වූ අතර, ඔහුට ජර්මන් රජයේ කොන්දේසියකට යටත් වීමට ද සිදුවිය.

තුර්කි ජනපති මීට මාස කීපයකට පෙර ඇමෙරිකාවට ගියේය. ඒ, ජනපති ට්‍රම්ප් හමුවීමටය. එම අවස්ථාවේ, තුර්කි ජනපතිට විරෝධය පා වොෂින්ටන් වීදිවල විරෝධතා පැවැත්විණි.

තුර්කි ජනපතිගේ ආරක්ෂක නිලධාරීහු වොෂින්ටන් පොලිස් නිලධාරීන්ගේ අණට අකීකරු වී, වීදි බැස, එම විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස පහර දුන්හ.

එම සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නඩු විභාගයක් ද පැවැත්වෙයි. ඊට චෝදනා ලැබ සිටින එම ආරක්ෂක අංශ නිලධාරීන් යොමු කරවන්නැයි ඇමෙරිකාව නිල වශයෙන් තුර්කි ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

එම සිදුවීම සැලකිල්ලට ගනිමින්, ජී 20 සමුළුවට පැමිණෙද්දී, එම ආරක්ෂක නිලධාරීන් රැගෙන ඒමෙන් වළකින්නැයි ජර්මන් රජය සහ  හැම්බර්ග් නුවර නගර බලධාරීන් තුර්කි ජනපතිට කොන්දේසි පනවා ඇත. ඒ අනුව, අකමැත්තෙන් වුවත් ඊට එකඟවීමට ජනපතිට සිදුවිය.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS