තුර්කි ජනපතිගේ ප්‍රකාශයට ඉරාකයෙන් විරෝධයක්





තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් කළ ‘වගකීම් විරහිත’ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉරාක රජයෙන් සහ එරට අගමැතිවරයාගෙන් දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.
මේ වනවිට ඉරාකයේ අවි ගැටුම්වලට තුර්කි හමුදාව ද එක් වී සිටී.  තුර්කි හමුදාව ඉරාකයට පැමිණ සිටියත් ඔවුන් ඉරාක රජයේ කීමට අවනත නොවන බව තුර්කි ජනාධිපති පවසා ඇත. තම හමුදාවට අණදීම් කරන්න ඉරාක අගමැති හයිඩර් අල් අබාදි කවුරුදැයි කියා ද තුර්කි ජනාධිපති විමසා ඇත.
ඉරාක රජයේත් අගමැති හයිඩර් අල් අබාදිගේත් දැඩි විරෝධයට හේතුවක් වී ඇත්තේ මෙම ප්‍රකාශයයි. තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන්ගේ එම ප්‍රකාශය ගින්නට පිදුරු දැමීමක් වැනි යැයි ද තුර්කි අගමැතිවරයා පවසා ඇත.

 


RECOMMEND POSTS