තුර්කි ජනපති ප්‍රංශ ජනපතිට දෙහි කපයි



සිරියාවේ තුර්කි හමුදා සිදුකරන හමුදා මෙහෙයුම් විවේචනය කළ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් දොස් නගා ඇත.

ප්‍රංශ ජනපති මැක්රොන්ගේ ‘මොළය අකර්මණ්‍ය’ වී ඇතැයි තුර්කි ජනපති එර්දොවාන් පවසා ඇත. තුර්කි හමුදා සිරියාවේ මෙහෙයුම්වල නියැලී සිටින්නේ තුර්කියේ පමණක් නොව, යුරෝපා රටවල ද ආරක්ෂාව වෙනුවෙන් යැයි තමන් යළි ප්‍රංශ ජනපති මැක්රොන්ට සිහිපත් කර දෙන බව තුර්කි ජනපති අවධාරණය කර තිබේ.

මේ අතර, තුර්කි ජනපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නැයි ප්‍රංශයේ තුර්කි තානාපතිවරයා කැඳවා ප්‍රශ්න කිරීමට ප්‍රංශ ජනපති මැක්රොන් පියවරගෙන ඇති බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS