තුර්කි ජනපති කුවේටයේ



තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගොන් කුවේටයේ නිල සංචාරයකට පැමිණියේය.

තුර්කි ජනපතිවරයා කුවේට් සිටීහි කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පැමිණියේ බිරිය එමීන් ඇතුළු නියෝජිත පිරිසක් ද පිරිවරාගෙනය.

ගුවන්තොටුපොළට පැමිණි තුර්කි ජනාධිපතිවරයා ඇතුළු පිරිසට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඒ කුවේට් විදේශ ඇමැති ෂෙයික් සබාහ් අල් කලීඞ් අල් සාබාහ්ගේ මැදිහත්වීමෙනි.

තුර්කි ජනපති සහ කුවේට් පාලකයන් අතරේ ද්වී පාර්ශ්වීක සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ඉන්පසුවය. කටාර් රාජ්‍යය මුල්කොට ගනිමින් ගල්ෆ් කලාපයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS