තුර්කි ජනපති එර්දොවාන් දෙවැනි මනාලයා වෙලා



ලොව අංක එකේ ජර්මන් පාපන්දු ක්‍රීඩක, තුර්කි සම්භවයක් ද ඇති, 30 හැවිරිදි මෙසුත් ඔසිල්ගේ විවාහ මංගල උත්සවය පසුගිය දා පැවැත්වුණු අතර, ඔසිල්ගේ ‘දෙවැනි මනාලයා’ වූයේ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ය.

මෙසුත් ඔසිල්ගේ මනාලිය වූයේ ඔහු විවාහ ගිවිසගත් වූ 30 හැවිරිදි ඇමීන් ගුසේල් ය. මැය තුර්කි රූ රැජින ලෙස කිරුළු පැලැඳි සුරූපිනියක ද වෙයි. මෙසුත් සහ ඇමීන්ගේ විවාහ ගිවිස ගැනීම සිදුවූයේ පසුගිය 2018 දීය.

මෙසුත් ඔසිල් සහ තුර්කි ජනාධිපති අතර ඇති හිතවත්කම හේතුවෙන් ඔසිල්ට විවේචන එල්ල විය. තමාගේ විවාහ මංගල්‍යයේ ‘දෙවැනි මනාලයා’ ලෙස තමන් තුර්කි ජනාධිපතිට ඇරැයුම් කරන බව පැවැසූ අවස්ථාවේදී ද ඔසිල්ට විවේචන එල්ල වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මංගල උත්සවය ඉතා චාමෙට තුර්කියේ බොස්පෝරස් නුවර හෝටලයකදී පැවැත්විණි.

තුර්කි ජනාධිපති එර්දොවාන් පමණක් නොව, ඔහුගේ බිරිඳ ද මංගල උත්සවයට සහභාගී වූවාය.
මැතිවරණ පැවැත්වීමට ඔන්න මෙන්න තිබියදී තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, විවාහ මංගල උත්සවවලට සහභාගී වී ජනතාව අතරේ ප්‍රසිද්ධ වීම සාමාන්‍ය දෙයක් බව තුර්කි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය යළිත් වරක් පැවැත්වීමට නියමිතව ඇති බව ද තුර්කි මාධ්‍ය සිහිපත් කරයි.

අන්කාරාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS